nl 01බුදුදහම බේරා ගැනීම හා ඒ සදහා යොදන උපක්‍රම




බුදුදහම බේරා ගැනීම හා ඒ සදහා යොදන උපක්‍රම





බුදධාගම බේරාගනිමු යැයි දිනපතා ස්ටේටස්, පින්තූර ෂෙයා වෙමින් තිබේ. අන්‍යාගම් වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය පැතිරවීමෙන් හෝ අන්‍යාගමිකයන්ට වෛර කිරීමෙන් බුදු දහම බේරාගැනීමට හැකියයි සිතීම මෝඩකමකි.
බුදුරජානන් වහන්සේගේ කාලයේදීත් මෙවැනි අන්‍යාගමික දර්ශනයන් පැවති බවත් ආගම් වලට ජනතාව අද්දවා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කළ බවත් අපි දනිමු.  බුදුරජානන් වහන්සේ ඒවාට පිලිතුරු සැපයුවේ විනයවත් හැසිරීමෙන් හා අන් මතවාද තර්කාණුකූලව බිදහෙලීමෙන් මිස අන්‍යාගම් වලට වෛර කිරීමෙන් හෝ ප්‍රචණ්ඩත්වය පැතිරවීමෙන් නොවේ. ඕනෑතරම් උදාහරණ බුද්ධ චරිතය මගින් සොයාගත හැකිය.

වර්තමානයේදීද බුදුදහම බේරාගැනීමට අප කළ යුත්තේ බුදුන් වහන්සේ ගත් මග ගැනීමයි.

පන්සල ගමට සමීප වන තරමට ජනතාව බුදු දහම අතහැර නොයනු ඇත. බෞද්ධයන් ධර්මය අනුගමනය කරන තරමට ඔවුන් සමෘද්ධිමත් වනු ඇත. පන්සිල් රකින තරමට බුදු දහම ජනප්‍රිය වනු ඇත. එවන් වූ පරිසරයක බෞද්ධයනට හිංසා කිරීමට හෝ බුදු සසුන වැනසීමට කිසිවෙකුට නොහැකිය. භික්ෂුන් වහන්සේද ගිහි බෞද්ධයාද තේරුම් ගත යුත්තේ මෙයයි.

No comments:

Post a Comment