ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යාවකාශ මධයස්ථානයෛන් උඩුගුවනට යැවීමට නියමිතය.
චීන රොකට්ටුවක් ආධාරයෙන් යවන මේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහලින් කක්ෂගත කිරීමට නියමිතය. චීනයෙ ‘ චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන් ‘ හා ‘ චයිනා ගෙට් වෝල් ඉන්ඩස්ට්‍රිස් කෝපරේෂන් ‘ නම් සමාගම් හා එක්ව මෙරට ‘ සුප්‍රිම් සැට් ‘ සමාගම මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කැර තිබේ. පල්ලෙකැලේ චන්ද්‍රිකා මෙහෙයුම් මධයස්ථාන හා අභ්‍යාවකාශ ගාමීන් පුහුණු නිකේතනය ඉදිකිරීමේ කටයුතු වලටත් 2015 යැවීමට නියමිත චන්ද්‍රිකාව ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වෙන්කැර ඇති මුදල ඇමරිකන් ඩොලර් ලක්ෂ 3200 කි.

No comments:
Post a Comment