Mother Sri Lanka

   අපේ ශ්‍රී ලංකාව

 

ශ්‍රී  ලංකාව ගැන තොරතුරු බිදක්.......

 

ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි .
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.

ආණ්ඩුව


ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.
 

අගනුවර

 

 එහි වානිජ අග නගරය වන්ෙන කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
වර්ග ප්‍රමානය

ආණ්ඩුව

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

වර්ග ප්‍රමානය

 

  • ගොඩබිමි වර්ග ඵලය 65525 sq km
  • අභ්‍යන්තර මිරිදිය 1570 sq km
  • කරදිය ජල වර්ග ඵලය 487100 sq km
  • සමස්ථ වර්ගඵලය 554200 sq km

ඉතිහාසය

 

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.

ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතර තුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.

පසු යටත්විජිත යුගය

කොටි ත්‍රස්තවාදය

අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.

2004 සුනාමි විපත

ශ්‍රී ලංකාවට සුනාමි විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.

ශාක සහ සත්ත්ව සංහතිය

 

විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[8] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නොකරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.[9]

දේශපාලන සහ පරිපාලන ඒකක

පළාත්

  1. මධ්‍යම පළාත
  2. බස්නාහිර පළාත
  3. නැගෙනහිර පළාත
  4. උතුරු පළාත
  5. දකුණු පළාත
  6. වයඹ පළාත
  7. ඌව පළාත
  8. උතුරු මැද පළාත
  9. සබරගමු පළාත

සිතියමේ අදාල දිස්ත්‍රි‌ක්‌කය උඩ සළකුණු කරන්න

පරිපාලන දිස්ත්‍රික්ක

සමාජය

භාෂා



සීගිරිය
සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.

ආගම්

බොජුන්

ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)

ශ්‍රී ලංකා‍වේ ජනගහනය

වර්ෂය බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික වෙනත් එකතුව
සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව %
1881 සංගණනය 1,698,100 61.53% 593,600 21.51% 197,800 7.17% 268,000 9.71% 2,300 0.08% 2,759,800 100.00%
1891 සංගණනය 1,877,000 62.40% 615,900 20.48% 212,000 7.05% 302,100 10.04% 800 0.03% 3,007,800 100.00%
1901 සංගණනය 2,141,400 60.06% 826,800 23.19% 246,100 6.90% 349,200 9.79% 2,500 0.07% 3,566,000 100.00%
1911 සංගණනය 2,474,200 60.25% 938,300 22.85% 283,600 6.91% 409,200 9.96% 1,100 0.03% 4,106,400 100.00%
1921 සංගණනය 2,769,800 61.57% 982,100 21.83% 302,500 6.72% 443,400 9.86% 800 0.02% 4,498,600 100.00%
1931 තක්සේරුව 3,266,600 61.55% 1,166,900 21.99% 354,200 6.67% 518,100 9.76% 1,100 0.02% 5,306,900 100.00%
1946 සංගණනය 4,294,900 64.51% 1,320,400 19.83% 436,600 6.56% 603,200 9.06% 2,200 0.03% 6,657,300 100.00%
1953 සංගණනය 5,209,400 64.33% 1,610,500 19.89% 541,500 6.69% 724,400 8.95% 12,100 0.15% 8,097,900 100.00%
1963 සංගණනය 7,003,300 66.18% 1,958,400 18.51% 724,000 6.84% 884,900 8.36% 11,400 0.11% 10,582,000 100.00%
1971 සංගණනය 8,536,800 67.27% 2,238,600 17.64% 901,700 7.11% 1,004,300 7.91% 8,400 0.07% 12,689,800 100.00%
1981 සංගණනය 10,288,300 69.30% 2,297,800 15.48% 1,121,700 7.56% 1,130,600 7.62% 8,300 0.06% 14,846,700 100.00%

දේශපාලනය

ප්‍රධාන දේශපාලන පක්‍ෂ

තනි පක්‍ෂ

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
  • එක්සත් ජාතික පක්‍ෂය
  • ජනතා විමුකිති පෙරමුණ

හවුල් සංධාන

  • එක්සත් ජනතා නිදහස් සංධානය
  • එක්සත් ජාතික පෙරමුණ
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය

ක්‍රීඩා




ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර
ටෙස්ට් තරඟය - 2001 මාර්තු - SCC ක්‍රීඩාංගනය.
නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන්ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානයද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟා වලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරල අසබඩ ද, නිසල ජල තටාක වලද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශ සංචාරකයන්ගේද සිත් පැහැර ගනී.


No comments:

Post a Comment