Thursday, November 15, 2012

ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය,ගම්පහ.

 ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය ගම්පහ .


ගම්පහ පුරවරයේ පිහිටි  පාසැල් අතරින් නගරය මද්‍යයේ ම පිහිටි පාසලක්‌
වන ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය මැද ගම  පන්සලට 
මායිම් ව පිහිටා ඇත.

හෙන්රි ස්ටිල් ඔල්කට් තුමා විසින් අරඹන ලද පාසැල් සුවල්පයෙන් එක් 
පාසලක්‌ වන මෙම පාසැල දැනට අවූරුදු 125 කට ආසන්න ඉතිහාසයකට
උරුමකම් කියන මෙම පාසැල අතීතයේ සිංහල බෞද්ධ පිරිමි පාසැල ලෙස හැදින්වූ අතර එම  වකවානුවේ පිරිමි ළමුන් පමණක් සිටින පාසලක්‌  ලෙස පැවතුනි එහෙත් වර්තමානයේ මිශ්‍ර පාසලක්‌ ලෙස පවත්වාගෙන යනු ලබන මෙම පාසැල දැනට ළමුන් 2000 පමණ ඉගනුම ලබයි










මෙම පාසලේ ගුරුමණ්ඩලය 55  සිටින අතර 1 සිට 13 වසර දක්වා
පන්ති කාමර ඇත . අතීතයේ සිට විදුහල්පති වරුන් ගණනාවක් සිට ඇති මෙම පාසලේ දැනට විදුහල්පති වශයන් සරත් වසන්ත කුමාර මහතා
කටයුතු කරයි.




Wednesday, October 31, 2012

අපේ චන්ද්‍රිකාව

අපේ චන්ද්‍රිකාව


ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යාවකාශ මධයස්ථානයෛන් උඩුගුවනට යැවීමට නියමිතය.
චීන රොකට්ටුවක් ආධාරයෙන් යවන මේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහලින් කක්ෂගත කිරීමට නියමිතය. චීනයෙ ‘ චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන් ‘ හා ‘ චයිනා ගෙට් වෝල් ඉන්ඩස්ට්‍රිස් කෝපරේෂන් ‘ නම් සමාගම් හා එක්ව මෙරට ‘ සුප්‍රිම් සැට් ‘ සමාගම මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කැර තිබේ. පල්ලෙකැලේ චන්ද්‍රිකා මෙහෙයුම් මධයස්ථාන හා අභ්‍යාවකාශ ගාමීන් පුහුණු නිකේතනය ඉදිකිරීමේ කටයුතු වලටත් 2015 යැවීමට නියමිත චන්ද්‍රිකාව ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වෙන්කැර ඇති මුදල ඇමරිකන් ඩොලර් ලක්ෂ 3200 කි.
මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමග දකුණු ආසියා කලාපයේ චන්ද්‍රිකා තාක්ෂණය සහිත තෙවැනි රට බවටත් ලෝකයේ 45 වැනි රට බවටත් ශ්‍රී ලංකාව පත්වනු ඇත.

Wednesday, October 17, 2012

අරුම පුදුම වැසි


අරුමපුදුම  වැසි....





බටහිර ජාතීන් නොකඩවා වැටෙන වර්ෂාව හඳුන්වන්නේ ‘බලු බළල් වැස්ස’(RAINING CATS AND DOGS) යනුවෙනි. මෙයින් අදහස් වන්නේ තද වැස්ස සමග බලු බළල් ආදී සතුන්ද ඇද වැටීමේ ප්‍රවණතාවක් ඇති බවයි. එවැනි අවස්ථාවක් පිළිබඳ ආරංචි නැති නිසා බලු බළල් වැස්සද නා කපන වැස්ස වගේ නිකම්ම නිකම් මිථ්‍යා අදහසක් බව පැවැසිය හැකියි. එසේ වුවද වැස්ස සමග අයිස් කැට බිමට පතිත වීමද සාමාන්‍ය සංසිද්ධියක්. අයිස් කැට පමණක් නොව තද වර්ෂාව සමග මසුන්, කෘමීන්, කුරුල්ලන්, මැඩියන්, ඉස්ගෙඩියන් ආදී සතුන් ඇද වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. ඔබ මෙවැනි සිද්ධි අසා හෝ දැක ඇතිවාට සැකයක් නැහැ. මෙලෙස සතුන් වැටෙන්නේ මුහුදු ජලය තද සූර්යය රශ්මියෙන් වාෂ්පීකරණය වීමේදී ඒ සමග මුහුදේ වසන ජලජ ජීවීන්ද අහසට ඇදීයාමේ ප්‍රවණතාවක් පැවැතීමයි. එලෙස අහසට රැගෙන යන සතුන් ජලවාෂ්ප ජලබින්දු බවට පත් වී ‍පොළොවට ඇද හැළෙන විට ඒ සමග බිමට පතිත වේ. එසේ වුවද මෙයට වඩා විශාල සතුන් හෝ ද්‍රව්‍ය වර්ෂාව සමග බිමට පතිත වූ බවට පළවන ආරංචි සමහර විට ව්‍යාජයයි කියා බැහැර කිරීමටද ඉඩ තිබේ. එසේ වුවද කලාතුරකින් හෝ එවැනි අරුම පුදුම වැසි වැටුණු සත්‍ය අවස්ථා අතීතයේ වාර්තා වී තිබේ. අරුම පුදුම සූකිරි වැස්සක් පිළිබඳව වාර්තා වී ඇත්තේ කැලිෆෝනියාවේ නාපා නගරයෙනි. ඒ 1857 වසරේ ගිම්හාන සෘතුවේදීය. වැසි ජලය සමග ඇද වැටුණු සෙ.මී. 3-4 ප්‍රමාණයේ මෙම සුදු පැහැති කැට මුලදී සැකකර ඇත්තේ විශාල අයිස්කැට ලෙසටය. එහෙත් මේවා සූකිරි බව හඳුනාගෙන ඇත්තේ වැස්ස වැටී ස්වල්ප වේලාවකට පසුවය. මෙය කුඩා දරුවන්ට ස්වර්ණමය අවස්ථාවක් වූ අතර ඔවුන් මහ වැස්සේ තෙමි තෙමී සූකිරි කැට අහුලනු දැකගත හැකි වී තිබේ. 1794 දී ප්‍රංශයේ ‘‍ලේ‍ලේන්’ නැමැති පිටිසර ගම්මානයට වැටුණු පැය භාගයක පමණ වැස්සද එවැනි අරුම පුදුම වැස්සක්් විය. එය ඉස්ගෙඩි වර්ෂාවකි. මෙම ඉස්ගෙඩි වර්ෂාව නිසා යුද භටයන්ට සිය හිස් වැසුම් පැළඳ සිටීමට නොහැකි වූ බවද සඳහන්. මේ වනවිට ප්‍රංශය හා ඕස්ට්‍රියාව අතර ආරම්භව තිබූ යුද්ධය දරුණු අතට හැරී තිබුණු අතර භටයන්ගේ හිස් වැසුම් මතට වැටුණු ඉස්ගෙඩියන් සිරුරු තුළට රිංගායාම නිසා යුද්ධ කිරීමටද බාධා සිදුව තිබේ. ඔවුන්ට වර්ෂාවෙන් තෙමි තෙමී ඉස්ගෙඩියන් ඉවත් කිරීමට කාලය ගත කරන්නට සිදු වී තිබේ. මේ අතර විශාල මසුන් වර්ෂාව සමග පතිත වූ අවස්ථාද දැක ගන්නට ලැබි ඇත. මෙලෙස මසුන් වැස්ස සමග ලැබිම ඒ ප්‍රදේශවල ජනයාට අමතර ආදායම් මාර්ගයක් බවට පත්විය. 1878 සැප්තැම්බර් මස 11 වනදා කැලිෆෝනියාවේ’ ‘බටි’ ප්‍රාන්තයට මසුන් පතිත වී තිබේ. එසේම 1974 වසරේ පෙබරවාරි 20 දා ඇද හැලුණු මිරිදිය මත්ස්‍ය වැස්සක් පිළිබඳවද වාර්තා වේ. ඒ ඕස්ට්‍රේලියාවේ ‘ කිලර් නිස්ටේෂන් ’ නමැති ගමටයි. මසුන් 150කට වැඩි ප්‍රමාණයක් විනාඩි දෙකක වැස්සක් තුළ ඇදහැලීම ඒ ගම්වැසියන් පුදුමයට පත් කරන්නක් විය. ඔවුන් එය තමන්ට දෙවියන් දුන් ධනයක් බවට විශ්වාස කර ඇති බවයි කියන්නේ. කැලිෆෝනියාවේ සැක්‍රිමෙන්ටෝ ප්‍රදේශයට 1870 වසරේ අගෝස්තු මාසයේ ඇද හැලුණු වර්ෂාව ඉතාම අද්භූත එකක් ලෙස සැලකේ. එරට ‘සැක්‍රිමෙන්ටෝ රි‍පෝට්ස්’ නමැති පුවත්පත වාර්තා කළ අයුරු තද වර්ෂාව සමග හූනන් දහස් ගණනක් බිමට පතිත වූ බවයි. ස්පයිසර් නම් නීතිඥයා තම නිවෙස ඉදිරිපස හෑරී තිබූ කුඩා වළකින් වර්ෂාවෙන් පසු හූනන් පන්සියයක් පමණ සොයාගත් බව එහි පළවිණ.

මෙම පුවත්පත   අද ඇමෙරිකාවේ රාජ්‍ය ‍ලේඛනාගාරයේ තැන්පත් කර තිබේ. 2001 ජූලි 25 දා සිට සැප්තැම්බර් 23 දක්වා රතු පැහැති වැස්සක් ඉන්දියාවේ ප්‍රන්තයක් වන කේරළයට ඇදවැටුණු බව කියැවේ. 1978 අප්‍රේල් 23 වනදා ‘ඩෙනයි ‘ප්‍රාන්තයේ ‘රිප්ලි’ නගරයට ඇද වැටුණ කිලෝ 11ක් පමණ බර වූ කොළපාට අයිස් කැටයක්. මෙම අයිස් කැටයට වාසනාවට වගේ කවුරුවත් යට වී නැහැ.
එසේ යට වූවානම් තුවාල සිදු වන්නට පමණක් නොව මරණයට පවා හේතුවනු ඇති බවයි පැවැසෙන්නේ.

Sunday, August 26, 2012

VLC Media Player එකේ නවතම වෙළුම 2.0.3 ගැන විස්තරේ දැනගමු .......!

VLC Media Player
             එකේ නවතම වෙළුම 2.0.3
                            ගැන විස්තරේ දැනගමු .......! 


චිත්‍ර පටයක් බලන්න, ගීතයක් රස විඳින්න, Online Radio වලට සජීවීව සවන්දෙන්න, Streaming කරන්න වගේ ගොඩක් වැඩ වලට අපි එදිනෙදා බාවිතා කරන ඉතා ජනප්‍රිය වගේම නොමිලේ ලබාගත හැකි Media Player එකක් වන්නේ VLC Player එක. මෙම Media Player එක අනෙකුත් Media Players වලින් ‍විශේෂ වනේනේ විෂාල ගොණු(Files) වර්ග සංඛ්‍යාවකට සහය දැක්වීම, සරල බව, Windows හැරුණුකොට අනෙකුත් Platform සඳහාද සහය දැක්වීම නිසාය. ඉතින් මෙයාලා VLC Media Player එක එළියට දැම්මේ Version 1.1.11 විදයට. ඉන්පසු ගොඩ කාලයකට පසු ටික දිනකට කලින් මෙම Media Player එකෙහි Version 2.0 නිකුත් උනා..මම හිතනවා හැමෝම වගේ දැන් බාවිතා කරන්නේ Version 2.0.1 කියලා. දැන් මෙම Media Player එකෙහි තවත් Update එකක් ඇවිත් තිබෙනවා. Version 2.0.3  ලෙස. ‍මෙම Update එකත් සමග VLC Media Player එකෙහි වූ අනාරක්ෂිත තැන් සියගණනක් නිවැරිදි කර ඇති අතර MxPEG යන ගොණු වර්ගයට සහය දැක්වීම, Mac OS X සඳහා Player එකේ UI(User Interface) එක වැඩි දියුනු කරීම් වැනි වෙනස්කම් කීපයක්ම සිදුකර ඇති බවයි ආරංචි. සමහර විට ඔබ දැනට බාවිතා කරන VLC Player එක විසින්ම අදාල යාවත්කාලීන වීම ස්වයංක්‍රීයවම ලබාගෙන තිබෙන්නත් පුලුවන්..එසේ නොමැතිනම් ඔබටම එය යාවත්කාලීන කර ගන්න පුලුවන්..........

නවතම වෙළුම මෙතනින් >..>..>
http://www.videolan.org/index.html

Thursday, August 9, 2012

මොසිල්ලා ෆයර්ෆොක්ස් ගැන නොදන්නා දේවල් දැනගමු

මොසිල්ලා ෆයර්ෆොක්ස්
                                  ගැන නොදන්නා දේවල් දැනගමු

 


මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 ‍මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය. වර්තමාන බොහොමයක් වෙබ් ප්‍රමිතීන් ක්‍රියාවට නැංවූ සහ අනාගතයේදී ප්‍රමිතීන් බවට පත්වේ යැයි බලාපොරොත්තු වියහැකි විශේෂාංග වලින් සමන්විත ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) වෙබ් පිටු විදහා දැක්වීම සඳහා ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි. පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළමක් (spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), පුද්ගලිකව සැරිසැරීම (Private browsing), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් (මෙය බො‍හෝ ස්වදේශියකරණ සංස්කරණයන් සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය වේ)  

ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් (add-ons) මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ග්නූ/ලිනක්ස්, මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක. මෙහි වර්තමාන ස්ථාවර අනුවාදය 4.0.1 වන අතර, එය 2011 අප්‍රේල් 28 වැනි දා නිකුත් කරන ලදී. ෆයර්ෆොක්ස්හි මූල කේතය මොසිල්ලා ට්‍රයි-ලයිසන්ස් (tri-license) GNU GPL/GNU LGPL/MPL නියමයන්ට යටත් වූ නොමිලේ සහ විවෘත ‍මූල මෘදුකාංගයකි. විශේෂාංග පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළම(spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), සංගෘහිත බාගත කිරීම් කළමණාකාරකය (download manager), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ ගූගල් වල ඇතුලත් වන සෙවුම් පද්ධතිය ෆයර්ෆොක්ස් වල ඇතුලත් විශේෂාංග වේ. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි. ෆයර්ෆොක්ස් දෝස කොන්සෝලය (Error Console) හෝ ලේඛ වස්තු ආකෘතිය පරික්ෂකය (DOM Inspector) ආදී මෙවලම් හෝ ෆයර්බග් (Firefox extension) ආදී දිගු නිසා හෝ ‍ක්‍රමලේඛණ සංවර්ධකයින් සඳහා ද වටපිටාවක් ෆයර්ෆොක් විසින් නිර්මාණය කර දෙයි.  


ආරක්ෂාව

සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි. එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ. මොසිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.

Monday, August 6, 2012

ජංගම බලාගාරය

ජංගම බලාගාරය



එදිනෙදා ජීවිතයේදී අපට භාවිතා කරන්නට සිදුවෙන ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රමාණය අනුව බැලු විට දිනපතා සෑහෙන විදුලි බලයක් ඒවා සඳහා වැය වන බව පැහැදිලිවේ. විදුලිය නොමැතිව මේ කිසිදු උපාංගයකින් ප්‍රයොජනයක් නොමැත. බැටරි බැස ගිය කැමරාවකින් හෝ අවශ්‍යතාවයකට ඇමතුම් ගත නොහැකි ජංගම දුරකථනයකින් ඒ සම්බන්ධ අත්දැකිම් ඔබටත් තිබෙනු ඇති.
වඩ වඩාත් අප මේ අපහසුතාවයට පත්වන්නේ චාරිකාවක යෙදෙන විටයි. අපේ උපාංග ආරෝපණය කර ගැනීම සඳහා විදුලි බලය සපයා ගැනීම ප්‍රශ්ණයක් වන අවස්ථාවන්ට පිළියමක් වශයෙන් තමයි මේ iGeek උපාංගය පැමිණ තිබෙන්නේ. ධාරිතාවය 9,900mAh වන iGeek ජංගම බල පද්ධතිය ඉතා කුඩාවට නිමවා ඇති නිසා ජංගම භාවිතයට කදිමයි. ඇම්පියර් 1 හා 2 ලෙස USB සොකට්ටු දෙකක් මෙහි අඩංගුයි. ඔබගේ අයි-ෆෝනය මගින් පැය 50 ක් වීඩියෝ නැරඹීමට මෙහි බලය ප්‍රමාණවත්. USB මගින් බලය ලබාගන්නා සාමාන්‍ය උපාංගයකට නම් මෙහි බලය මාසයකට පමණ ප්‍රමාණවත් වන බවයි පැවසෙන්නේ.